SOBASEEN | Your Dream Nest

වාස්තු


අපට වාස්තු කුමටද ?

  මාගේ ජීවිතය තුල ගෘහ නිර්මාණ ශිල්පය හදාරා තිබුණද , කෙතරම් සාකච්ඡා කර තිබුණද , කෙතරම් වාස්තු විද්‍යාත්මක පොත පත කියවා තිබුණද යම් ප්‍රදේශයක නිවැසියන් ගෙන් 99% ක්ම වාස්තු විද්‍යානුකූල නිවසක් අවශ්‍ය වන්නේ ඇයි දැයි සහ එහි ඇති වැදගත් කම කුමක්දැයි වැටහීමක් නැති බව අවබෝධ වුනි.


  ඇතමුන් වාස්තු යන වචනය ගැනද සැලකිලිමත් වන්නේ ජීවිතය යම් පසුබෑමකට ලක්වී වෙනත් පෙනෙන නොපෙනෙන සියලු අවස්ථා විදි සලකා බැලීමෙන් පසුවයි. එසේ කරන්නේ ද කවුරුන් හෝ කිව්වාට " මේකත් කරලා බලමු " යන ස්ථාවරයේ සිටය.


  මෙම තත්වය සාර්ථකත්වයේ අරුනළු දකිමින් සිටින ජනතාවකට එතරම් හිතකර නොවේ. ශුභ විශ්ව ශක්තියෙන් සපිරි නිවසක් පුද්ගලයකු ගේ සාර්ථකත්වයට කොපමණ ප්‍රතිශතයකින් බලපාන්නේ ද යන්න පහදාදීම මාගේ උත්සාහය වේ.


  එමෙන්ම සාර්ථක නිවසක් / ගොඩනැගිල්ලක් සදහා වාස්තු ශාස්ත්‍රය මගින් අපගේ මුතුන් මිත්තන් මෙන්ම දැනටමත් ලොව පුරා ජනතාව කොතරම් සාර්ථකත්වයක් ලබා ගන්නේද යන්න ඔබට ඉදිරියේ දී පැහැදිලි වනු ඇත.


  ඒ වගේම පැරණි කාව්‍යමය වශයෙන් සහ ලිඛිතමය ඇති වාස්තු විද්‍යාත්මක කරුණු ගෙන කරුණු වශයෙන් සහ රූප සටහන් ඇසුරින් සරළ ලෙස ඉදිරිපත් කිරිම මාගේ උත්සාහයයි.

  සැ:යු: කාව්‍යමය, ලිඛිතමය සහ වාචිකව අපට හමුවන වාස්තු සිද්ධාන්ත එදිනෙදා හමුවන වාස්තු පරීක්ෂා වලදී ඔප්පු වන බව මාගේ මෙන්ම මෙම ශේත්‍රයේ සිටින ගරු වාස්තු ශිල්පීන් බහුතරයක ගේද අත් දැකීම බව සියලු දෙනා සිහි තබාගත යුතුය.


  මාගේ මේ ප්‍රයත්නය ආශ්‍රයෙන් යමකු සිතට ගත යූත්තේ තමා දිවි ගෙවන නිවස / ව්‍යාපාරික ස්ථානය විඳවමින් නොව විදිමින් සෝඳුරු දිවියක් ගත කිරීමටත්, තමාගේ ආත්මය වර්ධනය කර ගැනීමටත් එනම් ලෞකික සහ ලෝකෝත්තර දියුණුව පිණිස කෙතරම් දුරට වාස්තු විද්‍යාව දායක වනු ඇති ද යන්න පහදා ගැනීමෙන්,
සාර්ථක මිනිසෙකු,
සාර්ථක පවුල් ඒකකයක්,
සාර්ථක සමාජයක්,
සාර්ථක ලොවක්,

වෙත පියනැගීම යි.



මෙතැන් සිට නිවසක සිහිනයක් ඇති ඔබ හට වාස්තු කරුණු මෙන්ම ප්‍රායෝගික හා තාක්ෂණික කරුණු ද ඉදිරිපත් කිරීම තුලින් ඔබට පිටුවහලක් වීම බලාපොරොතුවයි.